Thursday 18th of June 2026

English Tamil
Advertiesment


ජනපති වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් 


2025-07-30 14878


මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් මාලදිවයින් ජනාධිපතිවරයා පිරිනමන විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය ‘කුරුම්බා මෝල්ඩිව්ස්’ නිවාඩු නිකේතනයේදී සඳුදා (28) රාත්‍රියේ පැවැත්විණි.

මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr  Mohamed Muizzu) මහතා  විසින් මෙම විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සංවිධානය කර තිබිණි. 

මේ අවස්ථාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු මෙරට දූත පිරිස සහභාගි වූහ. 

 

- ජනාධිපති මාධ්‍ය අංශය -
 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment